Saturday, July 11, 2009

නැණසක්මන ව්‍යාපෘතියට සුභාෂිංශණ

සුරියවැව නැණසල මගින්, ICTA ආයතනයේ ප්‍රජාසහන සංවර්ධන අරමුදල යටතේ ක්‍රියාත්මක කරන "නැණසක්මන" ව්‍යාපෘතිය වෙත මාගේ සුභ පැතුම් පිරිනමමි. නැණසක්මන ව්‍යාපෘතිය වෙත තිස්සමහාරාම නැණසල වෙතින් සහයෝගය ලබා දීමට හැකි වීම පිළිබදව අප ආයතනය වශයෙන් සතුටු වෙමි. මෙම ව්‍යාපෘතිය මගින් අඩු පහසුකම් යටතේ දිවි ගෙවන ග්‍රාමීය දිළිඳු ජනතාව වෙත තොරතුරු තාක්ෂණයේ ඇති ප්‍රතිලාභ හදුන්වා දෙන්නට හැකි වනු ඇතැයි මා විස්වාශ කරමි. ව්‍යාපෘතියේ මූලික අධියරේ වැඩ කටයුතු වලට සහභාගීවීම තුලින් මා අත්දැකීම් රාශියක් එක් කර ගත්තේය.
දීළිඳු - ග්‍රාමීය ජනතාවගේ තොරතුරු හා සන්නිවේදන/ පරිඝනක පිළිබද ඇති ආකල්පමය පරතරය. ග්‍රාමීය සහ නාගරික ජනතාව අතර ඇති,තොරතුරු හා සන්නිවේදන / පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුවත් වීමේ පරතරය ඉංග්‍රිසි හා සිංහල භාෂා හැකියාව ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්ගේ තොරතුරු තාක්ෂණ පිලිබද නොදැනුවත් කම ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්ගේ තොරතුරු තාක්ෂණ පිලිබද පිබිදීම ගුරුවර සහ දේමාපියන්ගේ නොදැනුවත් කම

ඉහත කරුණු වලට අමතරව මෙම නව තාක්ෂණය හදුනා ගැනීමට/ ඉගැනීමට ඉතාමත් උනන්දු පාසල් දරු දැරියන් මා විසින් හදුනා ගන්නා ලදි. ග්‍රාමීය දුෂ්කර පාසල් වල දී මා හදුනා ගත් තවත් පුධාන කරුනක් වුයේ විදුහල් වල විදුහල්පතිවරුන්/ ගුරුවරුන් තවමත් පරිගණක හා තොරතුරු තාක්ෂනය පිළිබඳ නොදැනුවත් නිසා ඔවුන් අදාල විෂයන් කොරෙහි උනන්දු නොවීමයි. මෙය එම පාසල් වල ඉගැනුම ලබන ශිෂ්‍ය ශි්‍යාවන්ට සිදුවන විශාල අසාධාරනයක් වනු ඇත. මා විසින් ව්‍යාපෘතිය හදුන්වා දීමට සංචාරය කරන ලද සමහර විද්‍යාලවල ගුරු මණ්ඩල වලින් ලැබුනු සහයෝගය ඉතා අවම මට්ටමක පැවතුනි.

කෙසේ වෙතත් පහත විද්‍යාල වල විදුහල්පතිවරුන්/ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතාමත් උනන්දුවෙන්, කැපවීමෙන් ව්‍යාපෘති හා එක් වුනි.

හ/ සුරියවැව යාය 550 මහ විදුහල
htt://viharagala550mv.ning.com

මේ අතුරින් කැපී පෙනෙන අතර පරිගනකයක් හැසිරවීමටවත් නොදන්නා ඔවුන්ගේ සහ විෂයභාර අචාර්ය චන්දන මහතාගේ උද්යෝගය මත ඔවුන් සදහා ඉහත සමුහ වෙබ් අඩවිය නිර්මානය කරන ලදි. තවද මේ සදහා සිසු/ සිසුවියන් 06 දෙනෙකු සුරියවැව නැණසල වෙතින් මුලික පරිගණක හා අන්තර්ජාල/ විද්යුත් තැපෑල පිළිබද පුහුණුව සදහා අවස්ථාව උදාවුයේය. මේ අනුව ඔවුන් විසින් අනාගතයේදී මෙම වෙබ් අඩවිය භාවිතා කරමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම්/ හැකියාවන් අන්තර්ජාලය වෙත එක් කරනු ඇත. මෙම පාසල තුලින් අනාගතයේදී තොරතුරු තාක්ෂණය තුලින් ප්‍රථිඵල ලබා ගන්නා පුරවැසියන් බිහිවනු ඇතැයි මා අපේක්ෂා කරමි.


asa

No comments: