Friday, March 25, 2011

ශ්‍රී ලංකාව ලෝක කුසලානය අභියස

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසාන පුර්ව වටයට පැමිණිමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ආසියාතික කලාපයේ මෙවර තරඟාවලිය පැවැත්වෙන නිසා, තරඟාවළියේ වැඩි වාසි ආසියාතික රටවල් වන ඉංදියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාවටත් හිමිව ඇත. මේ වන විටත් අවසන් කණ්ඩාම් 08 තුල මෙම රටවල් තුන ඇතුලත්ව ඇත. ප්‍රබල ඔස්ට්‍රෙල්යානු කණ්ඩායම ඉංදියා හමුවේ ප්‍රථම අර්ධ අවසන් පුර්ව තරඟයේදී පරාජය වීමේන් තරඟාවලියෙන් ඉවත් වන ලදි. නායක රිකීපොන්ටින්ගේ අවසන් තරඟය ලෙසද මෙය වාර්ථාවනු ඇත. මෙම තරඟයේදී ශතකයක් ලබා ගැනීමට පොන්ටින් සමත් වුවද ඉංදියාවේ ජයග්‍රහණය වලකා ලීමට එය ප්‍රමාණවත් නොවිණ.