Tuesday, September 21, 2010

බ්ලොග් යනු................................................................

වියුණු සටහන හෙවත් බ්ලොග් (Blog) යනු බොහෝ විට තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයකි. බ්ලොග් යන වදන නිර්මාණය වී ඇත්තේ web log යන ඉංග්‍රීසි වදන කටහුරු ආකාරයට සකස් වීමෙනි. තමන්ගේ පුද්ගලික අදහස් මෙන්ම එදිනෙදා පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශන සහ ශ්‍රවණ ගොනු ද පවත්වාගෙන යන පුද්ගලයා හෝ පිරිස විසින් මෙම වෙබ් අඩවි තුළ පළකරනු ලැබේ. බහුතරයක් දෙනා තම බ්ලොග් අඩවි, රුචිකත්වය අනුව ඒ වටා රොක් වූ පාඨක පිරිසක් සමඟ තම පෞද්ගලික අත්දැකීම් හා මතිමතාන්තර බෙදා ගැනීම සඳහා භාවිතා කරන අතර තවත් පිරිසක් විසින් තම බ්ලොග් අඩවි කිසියම් විෂයක් හෝ ක්ෂේත්‍රයක් පිළිබඳව තමා සතු දැනුම අන් අය සමඟ හුවමාරු කරගැනීමට යොදාගනු ලබති. කුමන ආකාරයකින් භාවිතා කළ ද බ්ලොග් අඩවියක් යනු ඕනෑම පුද්ගලයකුට පවත්වාගෙන යා හැකි එම පුද්ගලයාට අනන්‍ය වූ වෙබ් අවකාශයකි. විශේෂ අවස්ථා වලදී හැරුනුකොට එහි අන්තර්තගය සඳහා සීමාවන් බල නොපැවැත්වෙන බැවින් තමාගේ අදහස් තමාට රිසි අයුරින් බ්ලොග් අඩවිය තුළ පළ කළ හැකිය. බ්ලොග්කරණයේ (Blogging) සීඝ්‍ර ජනප්‍රියත්වය සඳහා මෙම සාධකය බොහෝ සෙයින් බලපා ඇත.

බොහෝ අවස්ථා වලදී බ්ලොග් අඩවියක ව්‍යුහය සකස් වී ඇත්තේ දින වකවානු අනුපිළිවෙලටය. බ්ලොග් අඩවිය පවත්වාගෙන යන පුද්ගලයා විසින් බ්ලොග් සටහන් (Blog Posts) එක් කරනු ලබන්නේ ද එවන් අනුපිළිවෙලකට බැවින් පෙරකී ව්‍යුහය බ්ලොග් අඩවියකට වඩාත් උචිත වේ. මේ වන විට බ්ලොග් අඩවියක් තැනීම සඳහා වෙබ් අවකාශ පහසුකම් සලසන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලය තුළ දැකිය හැක. Blogger හා Wordpress.com යනු එයින් ජනප්‍රියතම වෙබ් අඩවි වේ [citation needed]. මෙම ඕනෑම වෙබ් අඩවියකින් තමාට කැමති ආකාරයකින් බ්ලොග් අඩවියක් තැනීම අපහසු කරුණක් නොවන අතර, සිංහල යුනිකෝඩ් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ සිංහල හාෂාවෙන් ලියැවෙන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් ද අන්තර්ජාලයට එක්වී ඇත.

විකි.....

Tuesday, September 7, 2010

අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර හා ඉතිහාය

පෞරාණික වටිණාකමක් ඇති වෙබ් බ්‍රව්සර

නිකුත් කල දිනයේ පිළිවලින්:

වර්ල්ඩ් වයිඩ් වෙබ් (WorldWideWeb), 1991 පෙබරවාරි 26,
ඉයවයිස් (Erwise), 1992 අප්‍රේල්
ViolaWWW, 1992 මැයි,
WWW - The Libwww, 1991 පෙබරවාරි 11ට පෙර
මොසැක් (Mosaic) වෙබ් බ්‍රව්සරය, 1993 අප්‍රේල් 22
නෙට්ස්කේප් නැවිගේටර් (Netscape Navigator) හා නෙට්ස්කේප් කමියුනිකේටර් (Netscape Communicator), 1994 ඔක්තොබර් 13
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා(Internet Explorer) (ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා මැක්(Mac) හා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා UNIX අනුවාදයන් ද ඇතුලත්ව), 1995 අගෝස්තු,
ඔපෙරා (Opera Internet suite), 1996,
මොසිල්ලා ෆයර්ෆොක්ස්, 2004

[සංස්කරණය] මුල් කාලීන වෙබ් බ්‍රව්සර

AMosaic
අරීනා (Arena)
සෙලෝ (Cello)
සයිබර්ඩෝග් (CyberDog)
ග්‍රේල් (Grail)
IBM වෙබ් එක්ස්ප්ලෝරා (IBM Web Explorer)
Lynx
MacWeb
MidasWWW
ඔරකල් පවර්බ්‍රව්සර්(Oracle PowerBrowser) 1996 ජූනි 18, (1.5 අනුවාදය)
SlipKnot
WebRouser 1995 සැප්තැම්බර් 18,

[සංස්කරණය] චිත්‍රක (Graphical) බ්‍රව්සර
[සංස්කරණය] ට්‍රයිඩෙන්ට් (Trident) සහ ගෙකෝ(Gecko) පිරිසැලසුම් යන්ත්‍ර පදනම් කරගත් වෙබ් බ්‍රව්සර

Microsoft සමාගම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වෙබ් බ්‍රව්සරයේ වින්ඩෝස් ‍මෙහෙයුම් පද්ධතිය සඳහා වු අනුවාදය සඳහා ට්‍රයිඩෙන්ට් පිරිසැලසුම් යන්ත්‍රය (Trident layout engine) දියුණු කරන ලදී.

ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය (Gecko layout engine) මොසිල්ලා පදනම විසින් දියුණු කරන ලදී.

මෙම පිරිසැලසුම් යන්ත්‍ර දෙකම අන්තර්ගත වෙබ් බ්‍රව්සර නම්,

මැක්ස්තන් (Maxthon) (පෙර MyIE2 නමින් හැඳින්විය)
නෙට්ස්කේප් බ්‍රව්සර් (Netscape Browser) 8

[සංස්කරණය] ට්‍රයිඩෙන්ට් පිරිසැලසුම් යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර

නොයෙක් මෘදුකාංග නිෂ්පාදකයින් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා කවච (Internet Explorer shell) තනා ට්‍රයිඩෙන්ට් පිරිසැලසුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන ලදී. මෙම ට්‍රයිඩෙන්ට් යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර නම්,

AOL එක්ස්ප්ලොරා (AOL Explorer)
Altimit OS වෙබ් බ්‍රව්සරය
ඇවන්ට් බ්‍රව්සරය (Avant Browser)
බෙන්ටො බ්‍රව්සරය (Bento Browser) (වින්ඈම්ප්(Winamp) තුළ අන්තර්ගතවී තිබුනි)
එනිග්මා බ්‍රව්සරය (Enigma Browser)
මැක්ස්තන් (Maxthon)
ස්ලිම් බ්‍රව්සරය (Slim Browser)
නියෝප්ලැනෙට් (NeoPlanet)
නෙට්කැප්ටර් (NetCaptor)
තවත් බොහෝ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා කවච වර්ග
යාහු! (Yahoo!) බ්‍රව්සරය (හෝ හවුල් බ්‍රව්සර් වර්ග උදා. "AT&T යාහු! බ්‍රව්සරය"; "වරිසන් (Verizon) යාහු! බ්‍රව්සරය"; "BT යාහු! බ්‍රව්සරය" )
iRider
ස්මාට් බ්‍රෝ (Smart Bro)
අල්ට්‍රාබ්‍රව්සර් (UltraBrowser)

[සංස්කරණය] ගෙකෝ යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර

Alefox
බීයෝනෙක්ස් කමියුනිකේටර් (Beonex Communicator)
කැමීනෝ (Camino)- මැක් OS X මෙහෙයුම් පද්ධතිය සඳහා (පෙර චිමේරා (Chimera) නමින් හැඳින්විය)
CompuServe
ඩොක්සිලා (DocZilla), මෙය SGML බ්‍රව්සරයකි
එපිෆනි (Epiphany), මෙය GNOME හි වර්තමාණ පෙරනිමි (default) වෙබ් බ්‍රව්සරයයි
ෆ්ලොක් (Flock), මෙය ෆයර්ෆොක්ස් පාදක කරගත් වෙබ් බ්‍රව්සරයකි
ගැලියොන් (Galeon), මෙය GNOME හි පැරණි පෙරනිමි වෙබ් බ්‍රව්සරයයි
අයිස්වීසෙල් (IceWeasel), ෆයර්ෆොක්හි ඩේබියන් (Debian) අනුවාදය
K-Meleon වින්ඩෝස් සඳහා
K-MeleonCCF වින්ඩෝස් සඳහා (K-Meleon පදනම් කර තනා ඇත)
K-Ninja වින්ඩෝස් සඳහා (K-Meleon පදනම් කර තනා ඇත)
Kazehakase, GNU/ලිනක්ස් සඳහා වු ඉතා සැහැල්ලු GTK2 වෙබ් බ්‍රව්සරයකි
මෑඩ්ෆොක්ස් (Madfox) (මෙය ෆයර්ෆොක්ස් පාදක කරගත් වෙබ් බ්‍රව්සරයකි)
මෙනිවන් (ManyOne)
මොසිල්ලා ෆයර්ෆොක්ස් (පෙර ෆයර්බර්ඩ් (Firebird) හා ෆීනික්ස් (Phoenix) නම් වලින් හැඳින්වින)
නෙට්ස්කේප් (6වන අනුවාදය සහ පසු)
සීමන්කි (SeaMonkey) (මොසිල්ලා ඇප්ලිකේෂන් සුයිට් හි ඇතුලත නාමය. දැන් පොදු නමයි)
ස්කිප්ස්ටෝන් (Skipstone)
සෙරෝබැන්ක් බ්‍රව්සරය (පෙර Torpark නමින් හැඳින්වුනි)
ඩීප්නෙට් (Deepnet) (p2p ජාලය සමග නිපැයුනි)

[සංස්කරණය] KHTML හා WebKit පිරිසැලසුම් යන්ත්‍ර පදනම් කරගත් වෙබ් බ්‍රව්සර

KDE ව්‍යාපෘතිය විසින් KHTML පිරිසැලසුම් යන්ත්‍රය දියුණු කරන ලදී. WebKit ඇපල් සමාගම විසින් දියුණු කරන ලදී.

ABrowse
Android (ජංගම දුරකතන සඳහා වු පද්ධතියකි) සඳහා තැනු වෙබ් බ්‍රව්සරය
iCab (4 වන අනුවාදය සඳහා WebKit භාවිතා කල අතර එයට පෙර අනුවාද සඳහා ඔවුන්ගේම විදැහුම් යන්ත්‍රයක් (Rendering engin) භාවිතා කරන ලදී)
එපිෆනි (Epiphany), මෙය GNOME හි වර්තමාණ පෙරනිමි වෙබ් බ්‍රව්සරයයි
Kazehakase, GNU/ලිනක්ස් සඳහා වු ඉතා සැහැල්ලු GTK2 වෙබ් බ්‍රව්සරයකි
කොන්කරර් (Konqueror)
ලයිම්චැට් (LimeChat)
මිඩෝරි (Midori)
ඔම්නිවෙබ් (OmniWeb)
සෆාරි (Safari)
S60 සඳහා වූ වෙබ් බ්‍රව්සරය (ජංගම දුරකතන සඳහා)
Shiira
ස්වි‍ෆ්ට් (Swift)

[සංස්කරණය] ප්‍රෙස්ටො (Presto) යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර

ඔපෙරා
නින්ටෙන්ඩො (Nintendo) DS බ්‍රව්සරය (ඔපෙරා බලගැන්වූ)
ඉන්ටර්නෙට් චැනල් (Internet Channel) (Web browser for the Wii කොන්සෝලය (Wii console) සඳහා වූ වෙබ් බ්‍රව්සරය (ඔපෙරා බලගැන්වූ)

[සංස්කරණය] ජාවා (Java platform) සඳහා වූ වෙබ් බ්‍රව්සර

හොට්ජාවා (HotJava) (අත්හිටවනලදී)
Lobo
X-Smiles (පරික්ෂණාත්මක)

[සංස්කරණය] වර්තමාණයේ ඇති විශේෂිත වෙබ් බ්‍රව්සර

වෙබ් අඩවි ආශ්‍රිත වු විශේෂත ක්‍රියාකාරකම් පහසුවෙන් කිරීම සඳහා තැනූ වෙබ් බ්‍රව්සර.

ෆ්ලොක් (Flock) (බ්ලොග් ලිවී‍ම , ඡායාරෑප හුවමාරු කරගැනීම හා RSS පුවත් කියවීම පහසු කිරීම සඳහා)
ගෝස්ට්සිලා (Ghostzilla) (ක්‍රියාකාරකම් සැඟවීම සඳහා GUI තුලට මුසුවේ)
සෝංබර්ඩ් (Songbird) (සංගීතය ඇසීම සදහා තැනූවකි)
ස්පේස්ටයිම් (SpaceTime™) (සෙවුම් ත්‍රිමාණව කිරිමට)
Wyzo (BitTorrent සඳහා වූ බ්‍රවුසරයකි)

[සංස්කරණය] අත්හිටවන ලද විශේෂිත වෙබ් බ්‍රව්සර

AOL (තම අන්තඃජාලය (Itranet) සඳහා භාවිතා කරන ලදී)

[සංස්කරණය] අනෙකුත් වෙබ් බ්‍රව්සර

3B (ත්‍රිමාණ වෙබ් බ්‍රව්සර)
Abaco (Plan 9 from Bell Labs මෙහෙයුම් පද්ධතිය සඳහා)
අමායා (Amaya)
Arachne (DOS)
AWeb
කැරන් (Charon) (Inferno මෙහෙයුම් පද්ධතිය සඳහා)
ඩිලො (Dillo)
Emacs/W3
ගොලුම් බ්‍රවුසර් (Gollum browser)
IBrowse
Krozilo
මොත්‍රා (Mothra) (Plan 9 from Bell Labs මෙහෙයුම් පද්ධතිය සඳහා)
නෙට්පොසිටිව් (NetPositive)
නෙට්සර්ෆ් (NetSurf) (RISC OS මෙහෙයුම් පද්ධතිය හා GTK+ සඳහා වු C ක්‍රමලේඛන භාෂාවෙන් ලියන ලද විවෘත කේත වෙබ් බ්‍රව්සරයකි.)
Oregano
ප්ලැනෙට්වෙබ් (Planetweb) බ්‍රව්සරය (අත්හිටවන ලදී)
Sleipnir
VMS Mosaic
වොයේජර් (Voyager)

[සංස්කරණය] පෙළ (Text) පාදක කරගත් වෙබ් බ්‍රව්සර

ඇබාකො (Abaco)
Alynx
cURL (Line-mode බ්‍රව්සරයකි)
DosLynx
ELinks (ලින්ක්ස් (Links) වෙබ් බ්‍රව්සරයේ සක්‍රීය අනුවාදය)
ලින්ක්ස් (Links) (වර්තමාණයේ සක්‍රීයව නොපවතී)
Lynx
Net-Tamer
w3m
WebbIE
wget (Line-mode බ්‍රව්සරයකි)

සම්පත්දායකත්වය : විකි

ජාත්‍යන්තර භාෂාව හා විකාශය

ඉංග්‍රීසි භාෂාව යනු එංගලන්තයත් ගිණිකොනදිග ස්කොට්ලන්තයත් මුල්කොට ගෙන, අන්ග්ලෝ-සැක්සන් යුගයේ ගොඩනැගුණු භාෂාවකි. 18 වන සියවස තුළ එක්සත් රාජධානිය අත් කරගත් ආර්ථිකමය, විද්‍යාත්මක, දේශපාලනික, සංස්කෘතිකමය හා යුධමය දියුණුව හේතු කොට ගෙනත්, 20 වන සියවස තුළ ඇමෙරිකා එක්සත් ජනපදය අත් කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් එය නූතනයේ ජාත්‍යන්තර බස බවට පත් වී තිබේ. එමෙන්ම, ලෝක ව්‍යාපාරික කටයුතු, විද්‍යාත්මක කටයුතු ආදියේදී ප්‍රධාන භාෂාව වශයෙන් ගැනෙනුයේ ඉංග්‍රීසි භාෂාවයි. යුරෝපා සංගමය තුළ දෙවන බසක් ලෙසත්, සම්මත භාෂාවක් ලෙසත් භාවිත වන එය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලත්, ලොව පුරා සංවිධාන බොහොමයකත් නිළ භාෂාව ලෙස භාවිතයට ගැනේ.

ඉංග්‍රීසි භාෂාවේ විකාශනය ආරම්භ වී ඇත්තේ විවිධ ආකාර වූ ප්‍රාදේශීය වහර කීපයකිනි. නූතනයේදී 'පැරණි ඉංග්‍රීසි බස' (Old English) ලෙස හැඳින්වෙන මෙය, ක්‍රි.ව. 5 වන සියවසේ දී මහා බ්‍රිතාන්‍ය දූපත් වල නැගෙනහිර වෙරළ තීරයේ වාසය කළ අන්ග්ලෝ-සැක්සන්වරුන්ගේ බස විය. පසුකාලීනව සිදු වූ වයිකිංවරුන්ගේ ආක්‍රමණ හේතුවෙන් ඉංග්‍රීසි බස තුළ නෝර්වීජියානු භාෂා ලක්ෂණද දක්නට ලැබේ.

1066 දී ප්‍රංශයේ නෝමැන්ඩි ප්‍රදේශයෙන් එංගලන්තයට එල්ල වූ නෝමන් ආක්‍රමණයෙන් පසුව පැරණි ඉංග්‍රීසි බස, නෝමන්-ප්‍රංශ වචන සහ අක්ෂර රීති විශාල වශයෙන් උකහා ගනිමින්, 'මධ්‍යතන ඉංග්‍රීසි බස' (Middle English) නමින් හැඳින්වෙන තත්වයට විකාශනය විය. ඉංග්‍රීසි භාෂාව හැඳින්වෙන 'English' වචනය බිඳී විත් ඇත්තේ 12 වැනි සියවසේදී ඇංගල්වරුන් (the Angles) භාවිතා කළ පැරණි ඉංග්‍රීසියේ 'englisc' යන්නෙනි.

'නූතන ඉංග්‍රීසි බස' (Modern English) මතු වූයේ 15 වැනි සියවසේ එංගලන්තයේ ඇති වූ 'the Great Vowel Shift' (මහා ස්වර විපර්යාසය) ලෙස නම් කෙරෙන විශාල උච්චාරණ වෙනස්කම් සමගය. ඉංග්‍රීසි බස අදටත් විවිධ විදේශ භාෂාවලින් වචන උපුටා ගන්නා අතර නව වචනද එයට එකතු වෙමින් පවතී. ඉංග්‍රීසියේ වචන ගණනාවක් - විශේෂයෙන් පාරිභාෂික වදන් - ලතින් හා ග්‍රීක මූලයන් පදනම් කරගෙන නිර්මාණය වී ඇත්තේය.

ඇතැම් අය ලොව ප්‍රථම ජාත්‍යන්තර සම්බන්ධීකරණ භාෂාව ලෙස හඳුන්වන නූතන ඉංග්‍රීසිය, අදහස් හුවමාරුව, විද්‍යාව, ව්‍යාපාර, ගුවන් ගමන්, විනෝදාස්වාදය, ජනමාධ්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු යන සියළු අංශවල ප්‍රධාන මෙන්ම ඇතැම් විට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර බස වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වර්ධනයත් සමග එහි බ්‍රිතාන්‍ය දූපත්වලින් ඔබ්බට ව්‍යාප්ත වීම ඇරඹි අතර, 19 වැනි සියවසේ අවසාන කාලය වන විට එය සැබෑ වශයෙන්ම ලොව පුරා පැතිරී තිබිණි. බ්‍රිතාන්‍යය විසින් උතුරු ඇමරිකාව අත්පත් කර ගැනීමෙන් අනතුරුව එය ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රධාන භාෂාව බවට පත් විය. ඇමරිකා එක්සත් ජනපදයේ තව දුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සංස්කෘතික බලපෑම සහ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු එය ලොව සුපිරි බලවතෙක් (global superpower) බවට පත් වීම ඉංග්‍රීසි බසේ ලොව පුරා ව්‍යාප්තිය වඩාත් වේගවත් කිරීමට මහත් සේ ඉවහල් වී ඇත.

ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් තිබීම වෛද්‍ය විද්‍යාව, පරිගණක තාක්ෂණය වැනි අංශ හා වෘත්තීන් ගණනාවක අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස බිලියනයකට අධික පිරිසක් මූලික මට්ටමෙන් හෝ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළ භාෂා හයෙන්ද එකක් වේ.

ඇතැම් භාෂා විශාරදයන් පවසන පරිදි - අනෙක් ලෝක භාෂා සම්බන්ධයෙන් මෙන්ම - ඉංග්‍රීසියේ අති විශාල වර්ධනයේ එක් ප්‍රතිඵලයක් වී ඇත්තේ ලොව බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් ඕස්ට්‍රේලියා-ආසියා කලාපයේ හා උතුරු ඇමරිකාවේ, දේශීය භාෂා විවිධත්වය අඩු වීමය. එහි ප්‍රබල බලපෑම ඇතැම් භාෂා හෝ ඒවාගේ යම් අංග ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වීමටද තව දුරටත් ඉවහල් වෙමින් පවතී. එසේම, භාෂා විපර්යාසයන්හි සංකීර්ණ හා වෙනස්වනසුළු රටා හඳුනන ඉතිහාසමය භාෂා විශාරදයන්ගේ (historical linguists) අවබෝධය වී ඇත්තේ, ඉංග්‍රීසිය භාවිතා කරන ප්‍රජාවන්ගේ විශාලත්වය සහ පැතිරීම මෙන්ම නොයෙකුත් උප භාෂාවලින් සමන්විත ඉංග්‍රීසියේ ස්වභාවයෙන්ම ඇති අභ්‍යන්තර විවිධත්වය නිසා ඒ තුළින් කාලයත් සමග එකිනෙකට වෙනස් වූ භාෂා සමූහයක් පැන නැගීමටද ඉඩ ඇති බවය.

අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය

ර්ල්ඩ් වයිඩ් වෙබ් හි වෙබ් පිටුවක් බැලීම මුලින්ම පටන් ගන්නේ වෙබ් බ්‍රවුසරයක අදාල වෙබ් පිටුවේ URL යතුරු ලියනය කිරීමෙන් හෝ එම පිටුවට හෝ ප්‍රභවයට හයිපර්ලින්ක් (Hyperlink) අනුගමන කිරීමෙනි. ඉන්පසු වෙබ් බ්‍රවුසරය එය තිරයෙහි දර්ශනය කිරීමට සන්නිවේදන පණිවිඩ මාලාවක් නිකුත් කරයි.

ප්‍රථමයෙන්ම URL හි සේවාදායක නාම කොටස , වසම් නාම පද්ධතිය හෝ DNS ලෙස හඳුන්වන ලෝක ව්‍යාප්ත අන්තර්ජාල දත්ත සමුදායක් භාවිතයෙන් IP ලිපිනයක් (IP Address) බවට විසඳනු ලැබේ. මෙම IP ලිපිනය වෙබ් සේවාදායකය සම්බන්ධකර ගැනීමට හා දත්ත පැකට් යැවීමට අත්‍යවශ්‍ය වේ.

ඉන්පසු බ්‍රවුසරය අදාල ලිපිනයේ සේවාදාකයා වෙත HTTP ඉල්ලීමක් යැවීමෙන් සම්පත් සඳහා ඉල්ලුම් කරනු ලැබේ. සාමාන්‍ය වෙබ් අඩවියකදී වෙබ් බ්‍රවුසරය මගින් ප්‍රථමයෙන් පිටුවේ HTML වදන් ඉල්ලුම් කර ඒවා වහාම ව්‍යාකරණ විග්‍රහයට භාජනය කරනු ලැබේ. පිටුවේ කොටස් වන අනෙකුත් ඡායාරූප හා ගොණු ඉල්ලීම සිදු කරන්නේ ඉන්පසුවය. වෙබ් අඩවියක ජනප්‍රියතාව මනින දත්ත රඳා පවතින්නේ පිටු නිරීක්ෂණය කරන අයගේ සංඛ්‍යාව හෝ බැඳී ඇති සේවාදායක “හිට්ස්” (hits) හෝ ගොණු ඉල්ලීම් ප්‍රමාණය මතය.

වෙබ් සේවාදායකයන් අවශ්‍ය ගොණු ලැබුණු පසු බ්‍රවුසරය , අදාල පිටුවේ HTML , CSS හා වෙනත් වෙබ් භාෂා මගින් සඳහන් කර ඇති පරිදි පිටුව තිරයට පිරිනමනු (render) ලැබේ. පරිශීලකයා තිරය මත දකින වෙබ් පිටුව නිර්මාණය වීමට පින්තූර හා අනෙකුත් සම්පත් ද සම්බන්ද වේ.

බොහෝමයක් වෙබ් පිටුවල අනෙකුත් අදාල වෙබ් පිටුවලට හෝ බාගත කිරීම්වලට , මූලාශ්‍ර ‍ලේඛවලට , අර්ථ දැක්වීම්වලට හා අනෙකුත් වෙබ් අඩවිවලට හයිපර්ලින්ක් (Hyperlink) අඩංගු වේ. එවැනි හයිපර්ලින්ක්වලින් (Hyperlink) එකට බැඳී ඇති ප්‍රයෝජනවත් සම්පත්වල එකතුවක් තොරතුරු “වෙබය” ක් ලෙස හැඳින්වේ. එය අන්තර්ජාලයෙන් ලබාගත හැකිවූයේ 1990 දී ටිම් බර්නර්ස් ලී ( Tim Berners – Lee) වර්ල්ඩ් වයිඩ් වෙබ් ලෙස (www) හැඳින්වූ දෙයෙහි නිර්මාණයත් සමගය.

සමාජයීය බලපෑම්

අන්තර්ජාලයේ මූලික ලක්ෂණවන පුළුල් භාවිතය හා පිවිසීමට ස්තුතිවන්නට, එමගින් නවමු ආකාරයේ සමාජීය අන්තර්ක්‍රියා, ක්‍රියාකාරකම් හා සංවිධානගතවීම් ඇතිකිරීමට එයට හැකි වී ඇත.

“ෆේස් බුක්” (face book) හා “මයි ස්පේස්” (my space) වැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි සමාජකරණයේ හා අන්තර් ක්‍රියාකාරිත්වයේ නව විධි නිර්මාණය කර ඇත. මෙම අඩවිවල පරිශීලකයන්ට තම පෞද්ගලික පිටුවලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කර ගැනීමටත්, තමන් පොදුවේ ආශා කරන දේ පිළිබඳ දැක්වීමටත් අන් අය හා සම්බන්ධ වීමටත් හැකියාව ඇත. වෙබ් අඩවිය පරිශීලනයන්ට ඔවුන්ගේ සම්බන්දකම් ප්‍රයෝජනයට ගැනීමට හා පවතින විශාල මත කාණ්ඩ සමග (Groups) සන්නිවේදනය කිරීමට ඉඩදේ නම් එකිනෙකා හදුනන අයගේ විශාල හමුවීමක් ද සොයා ගත හැකි වනු ඇත.

විශේෂයෙන්ම යම් වෙබ් අඩවියක්, තම නියම නම භාවිතා කිරීමටත් විශාල ජන සමූහයක් සමග සන්නිවේදනය කිරීමටත් එහි පරිශීලකයන් හට ඉඩ ලබා දේ නම්, එතුළින් තමාගේ හිත මිතුරන් රැසක් මුණ ගැසීමටත් හැකියාව ලැබේ.

විද්‍යුත් තැපෑල






පුද්ගලයින් දෙදෙනෙකු හෝ සමූහයක අතෙර විද්යුත් ක්‍රමයට ලිපි හා ලිපිගොනු ලෙස පණිවුවිඩ (Text messages) හුවමාරු ක්‍රමය විද්‍යුත් තැපැල වේ.

E – mail (විද්‍යුත් තැපෑල) – Electronic mail යන්න කෙටි කිරීමක් වන අතර එය E – mail හෝ සරලව mail ලෙස නිතර සංක්ෂිප්තව භාවිතා කරන දත්ත ගබඩා කර යැවිය හැකි ක්‍රමයකි. එනම් විද්‍යුත් සන්නිවේදන පද්ධතිය හරහා පණිවුඩ තැනීමේ, යැවීමේ, ලබා ගැනීමේ හා ගබඩා කරගැනීමේ, මේ ක්‍රමයකි. E – mail යන පදය (නාම පදයක් හෝ ක්‍රියා පදයක් ලෙස) සරල තැපැල් හුවමාරු කෙටුම් පත (SMTP) මත පදනම් වූ අන්තර්ජාල E – mail පද්ධතියට ද X – 400 පද්ධතියට හා සංවිධානයක් තුළ සිටින අයට එකිනෙකා හා E – mail කිරීමට ඉඩ සකසා දෙන අන්තර්ජාල පද්ධති සදහා ද අදාල වේ. අභ්‍යන්තර ජාල, වැඩ කණ්ඩායම් සහයෝගීත්වයට උපකාරී E – mail සේවාව උදෙසා අන්තර් ජාල කෙටුම්පත් හෝ X – 400 කෙටුම්පත් යොදා ගනී. ස්වයං කැමැත්තෙන් යවන පණිවුඩ හෝ “ස්පෑම්” රාශියක් යැවීමට E – mail බහුලව භාවිතා කරන නමුත් අවස්ථා මත රදා පවතිමින් ස්වයංක්‍රීයව මෙම පණිවුඩ සමහරක් හෝ බහුතරයක් ලොප් කිරීම සදහා පෙරහන් ක්‍රමාලේඛයන් ඇත.


Electronic mail, commonly called email or e-mail, is a method of exchanging digital messages across the Internet or other computer networks. Originally, email was transmitted directly from one user to another computer. This required both computers to be online at the same time, a la instant messenger. Today's email systems are based on a store-and-forward model. Email servers accept, forward, deliver and store messages. Users no longer need be online simultaneously and need only connect briefly, typically to an email server, for as long as it takes to send or receive messages.

An email message consists of two components, the message header, and the message body, which is the email's content. The message header contains control information, including, minimally, an originator's email address and one or more recipient addresses. Usually additional information is added, such as a subject header field.

Originally a text-only communications medium, email was extended to carry multi-media content attachments, a process standardized in RFC 2045 through 2049. Collectively, these RFCs have come to be called Multipurpose Internet Mail Extensions (MIME).

The history of modern, global Internet email services reaches back to the early ARPANET. Standards for encoding email messages were proposed as early as 1973 (RFC 561). Conversion from ARPANET to the Internet in the early 1980s produced the core of the current services. An email sent in the early 1970s looks quite similar to one sent on the Internet today.

Network-based email was initially exchanged on the ARPANET in extensions to the File Transfer Protocol (FTP), but is now carried by the Simple Mail Transfer Protocol (SMTP), first published as Internet standard 10 (RFC 821) in 1982. In the process of transporting email messages between systems, SMTP communicates delivery parameters using a message envelope separate from the message (header and body) itself.

අන්තර්ජාලය

ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, ඔන්ලයින් සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.

විශ්ව ව්‍යාප්ත වියමන


Portal:අන්තර්ජාලය
අන්තර්ජාලය ද්වාරය
විශ්ව ව්‍යාප්ත වියමන (WWW) සඳහා රොබට් කයිලියවු (Robert Cailliau) විසින් නිර්මාණය කරන ලද පැරණි ලාංඡනය

වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන (කෙටියෙන් වෙබ්) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම‍ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන Hypertext Documents යනුවෙන් හැදින්වෙන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට Hyperlink යනුවෙන් හැදින්වෙන අක්ෂර විහේෂයක් භාවිතා කරනු ලැබේ. මෙම සැම ලේඛනයකට ඵයටම අනන්‍යවූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා වෙබ් බ්‍රව්සර්ය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්‍ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරනයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ.



උපුටා ගැනීම - විකි

මතකතියා ගන්න

Reports v8.5 Dev

Serial : A6A50-8900008-ZE1007S
Registration Number : 6876562425 :

හොරකම් කරන්න ලේස්ති වෙන්න එපා.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය



හම්බන්තොට දිස්ත්‍රික්කය තුල සිදුවන සීග්‍ර සංවර්ධනයේ තවත් එක් අංගයක් වු සූරියවැව ප්‍රදේශයේ ඉදිවන ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හැදින්විය හැකිය. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවළියේ තරඟ 02 ක් පැවැත්වීමට නියමිතව ඇත්තේද මෙම ක්‍රීඩාංගණයේදීය. මෙම තරඟ 02 කම දිවා රාත්‍රී තරඟ ලෙ පැවැත් වේ. මෙම ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ගාල්ල ක්‍රකිට් ක්‍රීඩාංගණය හැරුණු කොට දකුණු පාළාතේ බහිවන අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ලෙස හැදින්විය හැකිය.

හම්බන්තොට වැනි දුෂ්කර ප්‍රදේශයක ක්‍රීඩාලෝලීන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සජීවීව නැඑඹීමේ අවස්ථාව මේ සමගම උදාවනවා ඇත. තවද ඇඹිලිපිටිය/ රත්නපුර/ තණමල්විල/ වැල්ලවාය/ තිස්මහාරාම / කතරගම වැනි ප්‍රදේශවල ක්‍රීඩා ලෝලීන්ට ඉතා පහසුවෙන් මෙම තරග නැරඹීට පැමිණිමේ හිකියාව උදා වනු ඇත.

සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග වල කාල සටහන පහත දැක්වේ.


Sun Feb 20
09:00 GMT | 14:30 local
14:30 IST 3rd Match, Group A - Sri Lanka v Canada
Mahinda Rajapaksha International Cricket Stadium, Sooriyawewa, Hambanthota

Wed Feb 23
09:00 GMT | 14:30 local
14:30 IST 6th Match, Group A - Kenya v Pakistan
Mahinda Rajapaksha International Cricket Stadium, Sooriyawewa, Hambanthota

Monday, February 1, 2010

e Asia 2009 at BMICH Colombo






ඉ ඒෂියා 2009 යනු මෙතෙක් ශ්‍රී ලංකාව තුල පැවැත්වුණු විශාලතම තොතරතුරු තාක්ෂණ ප්‍රදර්ශණය ලෙස හැදින්විය හැක. තවද ශ්‍රී ලාංකිකයකු ලෙස මෙම ප්‍රදර්ශනය අප රටට හිමි වීම පිළිබදව නිහතමානි ආඩම්බරයක් අප සතුය. ඒ මෙම ප්‍රදර්ශනය ආසියානු කාලයේද විශාලතම තොරතුරු තාක්ෂන ප්‍රදර්ශනය වන බැවිනි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් 2009 දෙසැම්බර් මස 02 වැනි දින විවෘත කරන ලද ප්‍රදර්ශනය දෙසැම්බර් මස 02/ 03/ 04 යන තෙදින පුරා බණ්ඩාරණායක අනුස්මරණ සමන්ත්‍රන ශාලාවේදී සාර්ථක පැවැත් වුණි.

e - Asia 2009 ප්‍රදර්ශණය නිළ වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව විදේශිය හා දේශීය ආරාධිත අමුත්තන් සමග ප්‍රදර්ශනය නරඔන අතරතුර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ නැණසල දහස ව්‍යාපෘතියේ සාර්ථකත්වය හා අප තිස්සමහාරාම නැණසලලෙහි වර්ථමාන තත්වය ගැන මා කල සාකච්ඡාව තුලින් නැණසල ව්‍යාපෘතිය පිළිබඳ එතුමා තුල ප්‍රභොදයක් ඇති කිරීමට මා හට හැකි වී යයි මා විශ්වාස කරමි.





තවද අප මවු ආයතනය වන ICTA ආයතනයෙහි මුලිකත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය වීමයි. e Sri Lanka වැඩසටහනේ නැණසල ව්‍යපෘතිය නියොජනය කරමින් අප තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානයද නැණසල ප්‍රදර්ශන කුටිය නියෝජනය කලේය. මෙහිදි අප විසින් කුඩා හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයින්ගේ මුදල් කළමණාකරණය සදහා ගිණුම්පති මෘදුකාංගය ප්‍රවර්ධනය කල අතර මේ පිළිබඳ උනන්දුවුවන් සදහා අදාල මෘකාංගය/ අත්පොත නොමිලයේම ලබා දෙන ලදි.

තවද අපගේ නැණසල ප්‍රවර්ධන කුටිය නියොජිනය සදහා
රන්සර රේඩියොව
ශ්‍රී ලංකා රැකියා බැංකුව
දමිල භාෂා අන්තර්ජාල තොරතරු
ධීවරයින් සදහා තෙරතුරු තක්ෂනය යන අංශ නියෝජනය කරමින් ලංකාව පුරා විහිදී ඇති නැණසල මධ්‍යස්ථාන අතුරින් සාර්ථක නැණසල මධ්‍යස්ථාන තොරා ගෙන තිබිණි.