Monday, February 1, 2010

e Asia 2009 at BMICH Colombo






ඉ ඒෂියා 2009 යනු මෙතෙක් ශ්‍රී ලංකාව තුල පැවැත්වුණු විශාලතම තොතරතුරු තාක්ෂණ ප්‍රදර්ශණය ලෙස හැදින්විය හැක. තවද ශ්‍රී ලාංකිකයකු ලෙස මෙම ප්‍රදර්ශනය අප රටට හිමි වීම පිළිබදව නිහතමානි ආඩම්බරයක් අප සතුය. ඒ මෙම ප්‍රදර්ශනය ආසියානු කාලයේද විශාලතම තොරතුරු තාක්ෂන ප්‍රදර්ශනය වන බැවිනි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් 2009 දෙසැම්බර් මස 02 වැනි දින විවෘත කරන ලද ප්‍රදර්ශනය දෙසැම්බර් මස 02/ 03/ 04 යන තෙදින පුරා බණ්ඩාරණායක අනුස්මරණ සමන්ත්‍රන ශාලාවේදී සාර්ථක පැවැත් වුණි.

e - Asia 2009 ප්‍රදර්ශණය නිළ වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව විදේශිය හා දේශීය ආරාධිත අමුත්තන් සමග ප්‍රදර්ශනය නරඔන අතරතුර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ නැණසල දහස ව්‍යාපෘතියේ සාර්ථකත්වය හා අප තිස්සමහාරාම නැණසලලෙහි වර්ථමාන තත්වය ගැන මා කල සාකච්ඡාව තුලින් නැණසල ව්‍යාපෘතිය පිළිබඳ එතුමා තුල ප්‍රභොදයක් ඇති කිරීමට මා හට හැකි වී යයි මා විශ්වාස කරමි.





තවද අප මවු ආයතනය වන ICTA ආයතනයෙහි මුලිකත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය වීමයි. e Sri Lanka වැඩසටහනේ නැණසල ව්‍යපෘතිය නියොජනය කරමින් අප තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානයද නැණසල ප්‍රදර්ශන කුටිය නියෝජනය කලේය. මෙහිදි අප විසින් කුඩා හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයින්ගේ මුදල් කළමණාකරණය සදහා ගිණුම්පති මෘදුකාංගය ප්‍රවර්ධනය කල අතර මේ පිළිබඳ උනන්දුවුවන් සදහා අදාල මෘකාංගය/ අත්පොත නොමිලයේම ලබා දෙන ලදි.

තවද අපගේ නැණසල ප්‍රවර්ධන කුටිය නියොජිනය සදහා
රන්සර රේඩියොව
ශ්‍රී ලංකා රැකියා බැංකුව
දමිල භාෂා අන්තර්ජාල තොරතරු
ධීවරයින් සදහා තෙරතුරු තක්ෂනය යන අංශ නියෝජනය කරමින් ලංකාව පුරා විහිදී ඇති නැණසල මධ්‍යස්ථාන අතුරින් සාර්ථක නැණසල මධ්‍යස්ථාන තොරා ගෙන තිබිණි.