Saturday, August 8, 2009

කතරගම පුදබීමේ නැණසල ප්‍රවර්ධන වැඩසටහන


2009 අගෝසතු මස 04 වැනි දින කතරගම කිරිවෙහෙර පුජා භූමියේදී නැණසල ප්‍රවර්ධන වැඩසටහන ICTA පුර්ණ අනුග්‍රහය යටතේ සාර්ථකව කරන ලදි. මෙහිදී දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමතුන් නැණසල ව්‍යාපෘතිය හා ICTA ආයතනයේ සේවා පිිබඳ දඅනුවත් කිරීම කරන ලදි.

ICTA ආයතනය වෙනුවෙන් සරත් ද සිල්වා මහතා මහත් කැපවීමකින් කටයුතු කල අතර, කතරගම ඉසුරු නැණසල වෙනුවෙන් සුභෝධ මහත්මාත්, සුරියවැව නැණසලෙහි දීපීකා මහත්මිය හා ලාල් මහතා අප තිස්සමහාරාම නැණසල හා එක්ව මෙම ප්‍රවර්ධළණ වැඩසටහන සදහා දායක්තවය ලබාදුන්නේය. බදුල්ල නැණසල නියෝජනය කරමින් කාන්දිපන් පහතාද මෙම අවස්ථ‍ාවට එක්වුණි.

Saturday, August 1, 2009

තිස්සමහාරාම සුළු ව්‍යාපාරිකයින් සදහා පරිගණක මෘදුකාංග හා තොරතුරු තාක්ෂණය

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ඊ සමාජ සමාජ සංවර්ධන ව්‍යාපෘතීන් ප්‍රතිවාර කිරීම් යටතේ, තිස්සමහාරාම නැණසල (ආසිරි අයි. ටී. සෙනටර් ) මගින් යොජනා කල ව්‍යාපෘතිය 2009 අගොස්තු මාසය තුල ආරම්භ කිරීමට නියමිතය. මෙමගින් තිස්සමහාරාම එක්සත් වෙළඳ සංගමයේ සාමාජිකත්වය දරණ සුළුව්‍යාපාරිකයින් 20 දෙනෙකු වෙත,
පරිගණක ගිණුම්කරණ මෘදුකාංග ලබා දීම
අදාල ව්‍යාපාරික දත්ත පරිගණ ගත කිරීමත්
ව්‍යාපාරිකයින් ඒ සදහා මනා ලෙස පුහුණු කිරීම
දොෂ නිරාකරණය හා පසු විපරම
අදාල ව්‍යාපාරිකයින් සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම
අදාල ව්‍යාපාරිකයින් සදහා තොරතුරු තාක්ෂණය එක් කිරීම
යන කරුණු ආවර්ණය වන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලා පො‍රොත්තු වන්න.