Saturday, December 20, 2008

ටෙලි ගම්මානයක් තිස්සමහාරාමයේදී ඉදි වේ


2008 සැප්තැම්බර් මාසයේදී තිස්සමහාරාම, රනමිහ්තැන්න ප්‍රදේශයේදී ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ දියුණුව උදෙසා නව ටෙලි ගම්මානයක් සදහා මුල්ගල් තැබිණ. මෙහිදී ටෙලි නාට්‍ය, චිත්‍රපට ඇතුළු විවධ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි, නවීණ පහසුකම් වලින් යුතු ටෙලි ගම්මානයක් පරිදි වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වේ. මෙහි ඉදිකරීම් කටයුතු 2010 වන විට අවසන් කල ඇකි බව මුල් ගල් තැබීමේ උළෙළ ඇමතු, උළෙලේ ප්‍රධාන අමුත්තාවු වරාය/ සිවිල් ගුවන් සේවා/ ජල කළමණාකරණ අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතු පැවසූහ. මෙම අවස්ථාව සදහා දේශිය කලාකරුවන් බොහේ පිරිසක් සහභාගී වුහ.