Tuesday, May 26, 2009

නැණසල තානාපතිවරුන්ගේ ප්‍රථම හමුව 2009

ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති නැණසල ව්‍යාපෘතිය තවත් ශක්තිමත් කරණු පිණිස, ICTA of Sri Lanka විසින් නැණසල ජාලය තුලින්ම හදුන්ගත්, දක්ෂ/ ක්ෂ්ත්‍රයේ නිපුණතවය ඇති නැණසල හිමිකරුවන් පිරිසකගෙන් සමන්විත වු නැණසල තනාපතිවරුන් බිහි කරන ලදි.

මොවුන්ගෙන් නැණසල ව්‍යාපෘතිය සදහා ලබා දියු යුතු දායකත්වය වනුයේ, දැනට දියුණු මට්ටමක නොමැති නැණසල ආයතන ලෙස හදුනා ගත් නැණසල ඉතා ඉක්මනින් නගා සිටුවීමට අවශ්‍ය සහය/ දැනුම/ අත්දැකීම් ලබා දීමත් නිරන්තරව ඔවුනගේ ප්‍රගතිය පිළිබදව ICTA ආයතනය දැනුවති කරීමත්ය. මෙමගින් දැනට අක්‍රීය තත්වයේ ඇති නැණසල ආයතන, රටේ සංවර්ධනයට දායක කරගැනීමට හැකි සම්පත් මධ්‍යස්ථාන බවට පත් කරගැනීම මෙම තානාපති වරුන්ගේ කාර්යභාරය වනු ඇත.