Saturday, June 4, 2011

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමන් නැණසල ක්‍රියාකරුවන්ගේ පළමු හමුව

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ මාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමන්‍ෙග් පළමු නැණසල හිමිකරුවන්ගේ හමුව 2011 පුනි මස 04 වැනි දින හම්බන්තොට නගරසභා තානායමේදී පැවැත්විණි. මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන්ද ද සහභාගී වු අතර තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනයේ නිළධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුව/ ශ්‍රී ලංකා ටෙලිකොම් / විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමත්‍යාංශයේ නිළධාරීන් ද මාතර/ හම්බන්තොට/ මොණරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරන නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ද මෙම අවස්ථාවට සහභාගී විය. උත්සව සභාව අමතමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් ප්‍රකාශ කර සිටියේ නැණසල මඨ්‍යස්තාන ඇතුලු අනෙකුත් පරිගණක මධ්‍යස්ථාන වලින් පරිගණක තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය හදාරන තරුණ තරුනියන් හට තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන මුදල් ඉපැයිය හැකි මාර්ගයන් සකස් කල යුතු බවයි. මේ සදහා ඔවුන් කැප වී ක්‍රියා කරන අතර ශ්‍රී ලංකාවේ පළමුවැනි තොරතුරු තාක්ෂණ ගම්මානය සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය අසල ඉදි කිරීමට සියළු කටයුතු සලසා ඇති බවයි. තවද අතිගරු ජනාධිපතිතුමණ්ගේ නැණසල ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය නිබදවම ලබා දෙන බවද පවසා සිටියේය.

No comments: