Tuesday, September 7, 2010

අන්තර්ජාලය

ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, ඔන්ලයින් සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.

විශ්ව ව්‍යාප්ත වියමන


Portal:අන්තර්ජාලය
අන්තර්ජාලය ද්වාරය
විශ්ව ව්‍යාප්ත වියමන (WWW) සඳහා රොබට් කයිලියවු (Robert Cailliau) විසින් නිර්මාණය කරන ලද පැරණි ලාංඡනය

වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන (කෙටියෙන් වෙබ්) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම‍ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන Hypertext Documents යනුවෙන් හැදින්වෙන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට Hyperlink යනුවෙන් හැදින්වෙන අක්ෂර විහේෂයක් භාවිතා කරනු ලැබේ. මෙම සැම ලේඛනයකට ඵයටම අනන්‍යවූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා වෙබ් බ්‍රව්සර්ය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්‍ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරනයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ.



උපුටා ගැනීම - විකි

No comments: