Sunday, January 27, 2008


කාන්තා පරිගණක දෘඩාංග අළුත්වැඩියා කරන්නියන්ගේ එළිදැක්වීම
තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කිරින්ද, මාගම, අන්දරගස්යාය යන සුනාමි අපදාවන්ට ලක්වු ග්‍රාමසේවා වසම් තුලින් තොරාගන්නා ලද කාන්තාවන් 15 දෙනෙකු වෙත, තිස්සමහාරාම YES FOUNDATION සහ SENOWR යන ආයතන දෙකෙහි මැදියත්වීම සහ මුල්‍ය සැපයීම මත හම්බන්තෙට වැනි දුෂ්කර පෙදෙසක කාන්තාවන් සදහා පරිගණක දෘඩාංග ඉංජීනේරු පාඨමාලාවක් පැවැත්වීමට හැකියාව උදාවුණි. 2007 සැප්තැම්බර් මස සිට තිස්සමහාරාම නැණසල ආයතනය තුල සාර්ථකව පාඨමාලාව හදාරා අවසන් කල කාන්තාවන් 13 දෙනෙකු සදහා සහතික පත්‍ර සහ ක්සේත්‍රය සදහා අවශ්‍ය වන උපකරණ ප්‍රධානය 2008 ජනවාරි මස 09 වන දින YES FONDATION කාර්යාලයේදී පැවැත්විනී. මීට සමගාමීව බේකාරී, මැහුම්, මේසන්, රසකැවිලි යන කාර්මාන්ත සදහා පුහුනු වු කාන්තාවන් සදහාද සහතික පත්‍ර සහ උපකරණ ප්‍රධානයද සිදු විය. ආරාධිත අමුත්තන් ලෙස SENWOR ආයකනයේ අධ්‍යක්ෂීකා වනසුන්දර මැතිණිය, SENWOR ආයතනයේ ව්‍යාපෘති නිළධාරීනී ඉන්දිකා මෙනෙවිය, YES පදනමේ අධ්‍යක්ෂක ප්‍රදිප් පරණගම යන මහත්ම මහත්මීන් සහභාගී විය.

මෙම කාන්තාවන් සදහා රැකියා අවස්ථා සැපයීමේ හැකියාවක් ඔබට ඇතොත් 0716 140950 අසංක, 04722 39321 සුදේශ් අමතන්න. අනාගතයේදී කිරින්ද, මාගම, අන්දරගස්යාය යන ප්‍රදේශ වල සදහා තොරතුරු තාකෂණ ව්‍යාපෘති සදහා මෙවුන් සම්බන්ධ කරගැනීම ඔවුන්ගේත්, ග්‍රාමිය ප්‍රජාවගේත් අභිවෘධිය උදෙසා හේතු වනා ඇතැයි මා සිතමි.

Asanka Eranda

No comments: