
The rural town of Tissamaharama was known in ancient times as Mahagama, which was in some ways a southern version of Anuradhapura. Its rich history, the many archaeological ruins and nearby Yala National Park and Kataragama with its colorful festivals and temples are making Tissamaharama certainly worth a visit. In the center of Tissamaharama town you can see an ancient, huge stupa which is almost fully restored to its former glory.
Friday, July 12, 2013
අන්තර්ජාලය තුලින් මුදල් ඉපැයීම හා fraud
වර්ථමානය වන විට ලොව පුරා පරිගණක පරිශීලකයින් වෙනත් සථානයක ඇති කටයුතු අන්තර්ජාලය තුලින් සිදු කර මුදල් ඉපැයීම (BPO - ) විශාල වශයෙන් සිදු කරනු දැකිය හැක. මෙසේ තම දැනුම භාවිතා කරමින් වෙනත් ස්ථානයක ( තම රටේ හෝ වෙනත් රටක ) ඇති කාර්යයන් සිදු කරන කිසියම් ආයතනයක් හෝ පුද්ගලයකු හා නොබැදී ( freelance ) දැනුම විකිණිම ආසියාතික හා යුරෝපීය පරිගණක ආශ්‍රිත වෘත්තිකයන් යොමු වී ඇති අතර මොවු නිදහස් වෘතිකයින් සේ විශාල වශයෙන් මුදල් ඉපැයීම සිදු වේ.
ආසියාතික රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව මේ පිළිබඳ උද්යෝගිමත් නමුත්, BPO කර්මාන්තයේ යෙදීම සදහා වන ශිල්පීය දැනුම හා පලපුරුද්ද නොමැති කම නිසා විශාල වශයෙන් අප රටට උපයා ගත හැකි මුදල් අපතේ යනු දැකිය හැකිය. වර්ථමානය වන විට ඉදංදියා, පකිස්ථානය හා බංගලාදේශයේ තරුණ ප්‍රජාව තම දැනුම හා ශිල්පීය නිපුණතාවය භාවිතා කරමින් කර්මනතයේ නියැලී සිටී.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාව තුල මෙම සංකල්පය වැරදි ලෙස භාවිතා කරමින් ජනතාව මුලා කරමින් සංවිධානාත්මකව මුදල් උපයන ව්‍යාජ ආයතන සේ පෙනි සිටිනන් බොහෝය. 2007 වර්ශයේදී ගල්කිස්ස ප්‍ර දේශයේ Seagul Software (Pvt.) Ltd. යන නාමයෙන් විශ්ව විද්‍යාල මහාචාර්යයවරුන් පවා රවටමින්, ඔවුන්ද භාවිතා කරමින් ලාංකීය තරුණ ප්‍රජාව රවටමින් රුපියල් කෝටි 400 ක පමන මුදලක්ද සමගින් එහි හිමිකරුවා වන ඉංදියානු ජාතික රාජ් කුමාර් නැමැත්තා අතුරුදහන් විය. මෙවැනි සිද්ධි මින් පසුවද සහ වර්ථමානයෙදීදි දැක ගත හැත.
මෙවැනි වංචනික ලෙස (BPO) ක්‍රියත්මක වන ආතන වල ස්වරූපය හදුනා ගත හැකි ආසන්නතම ලක්ෂණය වන්නේ මෙවැනි ආයතන වල සාමාජිකත්වය ලබා ගැනීමට හෝ අදාල වැඩ (Task) ලබා ගැනීම සදහා මුදල් ලබා ගැනීමයි.
ඔබ ඔබගේ ශ්‍රම හෝ දැනුම භාවිතා කර අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීමට වෙත් කිසිවෙකුත් වෙත මුදල් ගෙවිය යුතු නැත. මන්ද, ඔබ විසින් ඔබේ දැනුම හෝ කුසලතාවය වෙනත් අයකුට විකිණු විට මුදල් ලැබිය යුත්තේ ඔබට වීම නිසාය.

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment