Tuesday, September 7, 2010

විද්‍යුත් තැපෑල






පුද්ගලයින් දෙදෙනෙකු හෝ සමූහයක අතෙර විද්යුත් ක්‍රමයට ලිපි හා ලිපිගොනු ලෙස පණිවුවිඩ (Text messages) හුවමාරු ක්‍රමය විද්‍යුත් තැපැල වේ.

E – mail (විද්‍යුත් තැපෑල) – Electronic mail යන්න කෙටි කිරීමක් වන අතර එය E – mail හෝ සරලව mail ලෙස නිතර සංක්ෂිප්තව භාවිතා කරන දත්ත ගබඩා කර යැවිය හැකි ක්‍රමයකි. එනම් විද්‍යුත් සන්නිවේදන පද්ධතිය හරහා පණිවුඩ තැනීමේ, යැවීමේ, ලබා ගැනීමේ හා ගබඩා කරගැනීමේ, මේ ක්‍රමයකි. E – mail යන පදය (නාම පදයක් හෝ ක්‍රියා පදයක් ලෙස) සරල තැපැල් හුවමාරු කෙටුම් පත (SMTP) මත පදනම් වූ අන්තර්ජාල E – mail පද්ධතියට ද X – 400 පද්ධතියට හා සංවිධානයක් තුළ සිටින අයට එකිනෙකා හා E – mail කිරීමට ඉඩ සකසා දෙන අන්තර්ජාල පද්ධති සදහා ද අදාල වේ. අභ්‍යන්තර ජාල, වැඩ කණ්ඩායම් සහයෝගීත්වයට උපකාරී E – mail සේවාව උදෙසා අන්තර් ජාල කෙටුම්පත් හෝ X – 400 කෙටුම්පත් යොදා ගනී. ස්වයං කැමැත්තෙන් යවන පණිවුඩ හෝ “ස්පෑම්” රාශියක් යැවීමට E – mail බහුලව භාවිතා කරන නමුත් අවස්ථා මත රදා පවතිමින් ස්වයංක්‍රීයව මෙම පණිවුඩ සමහරක් හෝ බහුතරයක් ලොප් කිරීම සදහා පෙරහන් ක්‍රමාලේඛයන් ඇත.


Electronic mail, commonly called email or e-mail, is a method of exchanging digital messages across the Internet or other computer networks. Originally, email was transmitted directly from one user to another computer. This required both computers to be online at the same time, a la instant messenger. Today's email systems are based on a store-and-forward model. Email servers accept, forward, deliver and store messages. Users no longer need be online simultaneously and need only connect briefly, typically to an email server, for as long as it takes to send or receive messages.

An email message consists of two components, the message header, and the message body, which is the email's content. The message header contains control information, including, minimally, an originator's email address and one or more recipient addresses. Usually additional information is added, such as a subject header field.

Originally a text-only communications medium, email was extended to carry multi-media content attachments, a process standardized in RFC 2045 through 2049. Collectively, these RFCs have come to be called Multipurpose Internet Mail Extensions (MIME).

The history of modern, global Internet email services reaches back to the early ARPANET. Standards for encoding email messages were proposed as early as 1973 (RFC 561). Conversion from ARPANET to the Internet in the early 1980s produced the core of the current services. An email sent in the early 1970s looks quite similar to one sent on the Internet today.

Network-based email was initially exchanged on the ARPANET in extensions to the File Transfer Protocol (FTP), but is now carried by the Simple Mail Transfer Protocol (SMTP), first published as Internet standard 10 (RFC 821) in 1982. In the process of transporting email messages between systems, SMTP communicates delivery parameters using a message envelope separate from the message (header and body) itself.

අන්තර්ජාලය

ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, ඔන්ලයින් සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.

විශ්ව ව්‍යාප්ත වියමන


Portal:අන්තර්ජාලය
අන්තර්ජාලය ද්වාරය
විශ්ව ව්‍යාප්ත වියමන (WWW) සඳහා රොබට් කයිලියවු (Robert Cailliau) විසින් නිර්මාණය කරන ලද පැරණි ලාංඡනය

වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන (කෙටියෙන් වෙබ්) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම‍ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන Hypertext Documents යනුවෙන් හැදින්වෙන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට Hyperlink යනුවෙන් හැදින්වෙන අක්ෂර විහේෂයක් භාවිතා කරනු ලැබේ. මෙම සැම ලේඛනයකට ඵයටම අනන්‍යවූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා වෙබ් බ්‍රව්සර්ය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්‍ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරනයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ.



උපුටා ගැනීම - විකි

මතකතියා ගන්න

Reports v8.5 Dev

Serial : A6A50-8900008-ZE1007S
Registration Number : 6876562425 :

හොරකම් කරන්න ලේස්ති වෙන්න එපා.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය



හම්බන්තොට දිස්ත්‍රික්කය තුල සිදුවන සීග්‍ර සංවර්ධනයේ තවත් එක් අංගයක් වු සූරියවැව ප්‍රදේශයේ ඉදිවන ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හැදින්විය හැකිය. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවළියේ තරඟ 02 ක් පැවැත්වීමට නියමිතව ඇත්තේද මෙම ක්‍රීඩාංගණයේදීය. මෙම තරඟ 02 කම දිවා රාත්‍රී තරඟ ලෙ පැවැත් වේ. මෙම ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ගාල්ල ක්‍රකිට් ක්‍රීඩාංගණය හැරුණු කොට දකුණු පාළාතේ බහිවන අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ලෙස හැදින්විය හැකිය.

හම්බන්තොට වැනි දුෂ්කර ප්‍රදේශයක ක්‍රීඩාලෝලීන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සජීවීව නැඑඹීමේ අවස්ථාව මේ සමගම උදාවනවා ඇත. තවද ඇඹිලිපිටිය/ රත්නපුර/ තණමල්විල/ වැල්ලවාය/ තිස්මහාරාම / කතරගම වැනි ප්‍රදේශවල ක්‍රීඩා ලෝලීන්ට ඉතා පහසුවෙන් මෙම තරග නැරඹීට පැමිණිමේ හිකියාව උදා වනු ඇත.

සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග වල කාල සටහන පහත දැක්වේ.


Sun Feb 20
09:00 GMT | 14:30 local
14:30 IST 3rd Match, Group A - Sri Lanka v Canada
Mahinda Rajapaksha International Cricket Stadium, Sooriyawewa, Hambanthota

Wed Feb 23
09:00 GMT | 14:30 local
14:30 IST 6th Match, Group A - Kenya v Pakistan
Mahinda Rajapaksha International Cricket Stadium, Sooriyawewa, Hambanthota

Monday, February 1, 2010

e Asia 2009 at BMICH Colombo






ඉ ඒෂියා 2009 යනු මෙතෙක් ශ්‍රී ලංකාව තුල පැවැත්වුණු විශාලතම තොතරතුරු තාක්ෂණ ප්‍රදර්ශණය ලෙස හැදින්විය හැක. තවද ශ්‍රී ලාංකිකයකු ලෙස මෙම ප්‍රදර්ශනය අප රටට හිමි වීම පිළිබදව නිහතමානි ආඩම්බරයක් අප සතුය. ඒ මෙම ප්‍රදර්ශනය ආසියානු කාලයේද විශාලතම තොරතුරු තාක්ෂන ප්‍රදර්ශනය වන බැවිනි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් 2009 දෙසැම්බර් මස 02 වැනි දින විවෘත කරන ලද ප්‍රදර්ශනය දෙසැම්බර් මස 02/ 03/ 04 යන තෙදින පුරා බණ්ඩාරණායක අනුස්මරණ සමන්ත්‍රන ශාලාවේදී සාර්ථක පැවැත් වුණි.

e - Asia 2009 ප්‍රදර්ශණය නිළ වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව විදේශිය හා දේශීය ආරාධිත අමුත්තන් සමග ප්‍රදර්ශනය නරඔන අතරතුර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ නැණසල දහස ව්‍යාපෘතියේ සාර්ථකත්වය හා අප තිස්සමහාරාම නැණසලලෙහි වර්ථමාන තත්වය ගැන මා කල සාකච්ඡාව තුලින් නැණසල ව්‍යාපෘතිය පිළිබඳ එතුමා තුල ප්‍රභොදයක් ඇති කිරීමට මා හට හැකි වී යයි මා විශ්වාස කරමි.





තවද අප මවු ආයතනය වන ICTA ආයතනයෙහි මුලිකත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය වීමයි. e Sri Lanka වැඩසටහනේ නැණසල ව්‍යපෘතිය නියොජනය කරමින් අප තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානයද නැණසල ප්‍රදර්ශන කුටිය නියෝජනය කලේය. මෙහිදි අප විසින් කුඩා හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයින්ගේ මුදල් කළමණාකරණය සදහා ගිණුම්පති මෘදුකාංගය ප්‍රවර්ධනය කල අතර මේ පිළිබඳ උනන්දුවුවන් සදහා අදාල මෘකාංගය/ අත්පොත නොමිලයේම ලබා දෙන ලදි.

තවද අපගේ නැණසල ප්‍රවර්ධන කුටිය නියොජිනය සදහා
රන්සර රේඩියොව
ශ්‍රී ලංකා රැකියා බැංකුව
දමිල භාෂා අන්තර්ජාල තොරතරු
ධීවරයින් සදහා තෙරතුරු තක්ෂනය යන අංශ නියෝජනය කරමින් ලංකාව පුරා විහිදී ඇති නැණසල මධ්‍යස්ථාන අතුරින් සාර්ථක නැණසල මධ්‍යස්ථාන තොරා ගෙන තිබිණි.

Saturday, August 8, 2009

කතරගම පුදබීමේ නැණසල ප්‍රවර්ධන වැඩසටහන


2009 අගෝසතු මස 04 වැනි දින කතරගම කිරිවෙහෙර පුජා භූමියේදී නැණසල ප්‍රවර්ධන වැඩසටහන ICTA පුර්ණ අනුග්‍රහය යටතේ සාර්ථකව කරන ලදි. මෙහිදී දිවයිනේ නන්දෙසින් පැමිණි බැතිමතුන් නැණසල ව්‍යාපෘතිය හා ICTA ආයතනයේ සේවා පිිබඳ දඅනුවත් කිරීම කරන ලදි.

ICTA ආයතනය වෙනුවෙන් සරත් ද සිල්වා මහතා මහත් කැපවීමකින් කටයුතු කල අතර, කතරගම ඉසුරු නැණසල වෙනුවෙන් සුභෝධ මහත්මාත්, සුරියවැව නැණසලෙහි දීපීකා මහත්මිය හා ලාල් මහතා අප තිස්සමහාරාම නැණසල හා එක්ව මෙම ප්‍රවර්ධළණ වැඩසටහන සදහා දායක්තවය ලබාදුන්නේය. බදුල්ල නැණසල නියෝජනය කරමින් කාන්දිපන් පහතාද මෙම අවස්ථ‍ාවට එක්වුණි.

Saturday, August 1, 2009

තිස්සමහාරාම සුළු ව්‍යාපාරිකයින් සදහා පරිගණක මෘදුකාංග හා තොරතුරු තාක්ෂණය

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ඊ සමාජ සමාජ සංවර්ධන ව්‍යාපෘතීන් ප්‍රතිවාර කිරීම් යටතේ, තිස්සමහාරාම නැණසල (ආසිරි අයි. ටී. සෙනටර් ) මගින් යොජනා කල ව්‍යාපෘතිය 2009 අගොස්තු මාසය තුල ආරම්භ කිරීමට නියමිතය. මෙමගින් තිස්සමහාරාම එක්සත් වෙළඳ සංගමයේ සාමාජිකත්වය දරණ සුළුව්‍යාපාරිකයින් 20 දෙනෙකු වෙත,
පරිගණක ගිණුම්කරණ මෘදුකාංග ලබා දීම
අදාල ව්‍යාපාරික දත්ත පරිගණ ගත කිරීමත්
ව්‍යාපාරිකයින් ඒ සදහා මනා ලෙස පුහුණු කිරීම
දොෂ නිරාකරණය හා පසු විපරම
අදාල ව්‍යාපාරිකයින් සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම
අදාල ව්‍යාපාරිකයින් සදහා තොරතුරු තාක්ෂණය එක් කිරීම
යන කරුණු ආවර්ණය වන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලා පො‍රොත්තු වන්න.