ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ඊ සමාජ සමාජ සංවර්ධන ව්‍යාපෘතීන් ප්‍රතිවාර කිරීම් යටතේ, තිස්සමහාරාම නැණසල (ආසිරි අයි. ටී. සෙනටර් ) මගින් යොජනා කල ව්‍යාපෘතිය 2009 අගොස්තු මාසය තුල ආරම්භ කිරීමට නියමිතය. මෙමගින් තිස්සමහාරාම එක්සත් වෙළඳ සංගමයේ සාමාජිකත්වය දරණ සුළුව්‍යාපාරිකයින් 20 දෙනෙකු වෙත,
පරිගණක ගිණුම්කරණ මෘදුකාංග ලබා දීම
අදාල ව්‍යාපාරික දත්ත පරිගණ ගත කිරීමත්
ව්‍යාපාරිකයින් ඒ සදහා මනා ලෙස පුහුණු කිරීම
දොෂ නිරාකරණය හා පසු විපරම
අදාල ව්‍යාපාරිකයින් සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම
අදාල ව්‍යාපාරිකයින් සදහා තොරතුරු තාක්ෂණය එක් කිරීම
යන කරුණු ආවර්ණය වන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලා පොරොත්තු වන්න.
The rural town of Tissamaharama was known in ancient times as Mahagama, which was in some ways a southern version of Anuradhapura. Its rich history, the many archaeological ruins and nearby Yala National Park and Kataragama with its colorful festivals and temples are making Tissamaharama certainly worth a visit. In the center of Tissamaharama town you can see an ancient, huge stupa which is almost fully restored to its former glory.
Saturday, August 1, 2009
Saturday, July 11, 2009
හම්බන්තොට දිස්ත්‍රික් නැණසල කාර්ය බලකාය පිහිටුවීම
හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා පිහිටුවා ඇති නැණසල මධ්‍යස්ථාන වල තිරසාර පැවැත්ම උදෙසා වැඩපිළිවෙලක් ක්‍රියාත්ක කිරීම අරඔයා, ඒ පිලිබඳ ක්‍රියාත්මක වීමට සංවිධානයක් බිහිකිරීම පිණිස මෙම වැඩමුළුව ICTA ආයතනයේ මැදිහත් වීමෙන් 2009 පුලි මස 24 වනැ දිනට හම්බන්තොටදී පැවැත්වීමට නියමිතය. මෙම වැඩ සටහන් සදහා ICTA ආයතනයේ ඉහළ නිළධාරීන් හා දිසාපතිතුමන් ඇතුළු ප්‍රභුවරුන් සහභාගී වීමට නියමිතය. මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන සියළුම නැණසල හිමි කරුවන්/ ක්‍රියාකරුවන්ට සහභාගීවන මෙන් හම්බන්තොට දිස්ත්‍රික් නැණසල තානාපති වශයෙන් ඉල්ලා සිටිමි.
http://ntfhambantota.ning.com/
මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට වැඩිදුර විස්තර ලබා ගත හැක.
http://ntfhambantota.ning.com/
මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට වැඩිදුර විස්තර ලබා ගත හැක.
නැණසක්මන ව්‍යාපෘතියට සුභාෂිංශණ
සුරියවැව නැණසල මගින්, ICTA ආයතනයේ ප්‍රජාසහන සංවර්ධන අරමුදල යටතේ ක්‍රියාත්මක කරන "නැණසක්මන" ව්‍යාපෘතිය වෙත මාගේ සුභ පැතුම් පිරිනමමි. නැණසක්මන ව්‍යාපෘතිය වෙත තිස්සමහාරාම නැණසල වෙතින් සහයෝගය ලබා දීමට හැකි වීම පිළිබදව අප ආයතනය වශයෙන් සතුටු වෙමි. මෙම ව්‍යාපෘතිය මගින් අඩු පහසුකම් යටතේ දිවි ගෙවන ග්‍රාමීය දිළිඳු ජනතාව වෙත තොරතුරු තාක්ෂණයේ ඇති ප්‍රතිලාභ හදුන්වා දෙන්නට හැකි වනු ඇතැයි මා විස්වාශ කරමි. ව්‍යාපෘතියේ මූලික අධියරේ වැඩ කටයුතු වලට සහභාගීවීම තුලින් මා අත්දැකීම් රාශියක් එක් කර ගත්තේය.
දීළිඳු - ග්‍රාමීය ජනතාවගේ තොරතුරු හා සන්නිවේදන/ පරිඝනක පිළිබද ඉහත කරුණු වලට අමතරව මෙම නව තාක්ෂණය හදුනා ගැනීමට/ ඉගැනීමට ඉතාමත් උනන්දු පාසල් දරු දැරියන් මා විසින් හදුනා ගන්නා ලදි. ග්‍රාමීය දුෂ්කර පාසල් වල දී මා හදුනා ගත් තවත් පුධාන කරුනක් වුයේ විදුහල් වල
විදුහල්පතිවරුන්/ ගුරුවරුන් තවමත් පරිගණක හා තොරතුරු තාක්ෂනය පිළිබඳ නොදැනුවත් නිසා ඔවුන් අදාල විෂයන් කොරෙහි උනන්දු නොවීමයි. මෙය එම පාසල් වල ඉගැනුම ලබන ශිෂ්‍ය ශි්‍යාවන්ට සිදුවන විශාල අසාධාරනයක් වනු ඇත. මා විසින් ව්‍යාපෘතිය හදුන්වා දීමට සංචාරය කරන ලද සමහර විද්‍යාලවල ගුරු මණ්ඩල වලින් ලැබුනු සහයෝගය ඉතා අවම මට්ටමක පැවතුනි.
කෙසේ වෙතත් පහත විද්‍යාල වල විදුහල්පතිවරුන්/ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතාමත් උනන්දුවෙන්, කැපවීමෙන් ව්‍යාපෘති හා එක් වුනි.
හ/ සුරියවැව යාය 550 මහ විදුහල
htt://viharagala550mv.ning.com
මේ අතුරින් කැපී පෙනෙන අතර පරිගනකයක් හැසිරවීමටවත් නොදන්නා ඔවුන්ගේ සහ විෂයභාර අචාර්ය චන්දන මහතාගේ උද්යෝගය මත ඔවුන් සදහා ඉහත සමුහ වෙබ් අඩවිය නිර්මානය කරන ලදි. තවද මේ සදහා සිසු/ සිසුවියන් 06 දෙනෙකු සුරියවැව නැණසල වෙතින් මුලික පරිගණක හා අන්තර්ජාල/ විද්යුත් තැපෑල පිළිබද පුහුණුව සදහා අවස්ථාව උදාවුයේය. මේ අනුව ඔවුන් විසින් අනාගතයේදී මෙම වෙබ් අඩවිය භාවිතා කරමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම්/ හැකියාවන් අන්තර්ජාලය වෙත එක් කරනු ඇත. මෙම පාසල තුලින් අනාගතයේදී තොරතුරු තාක්ෂණය තුලින් ප්‍රථිඵල ලබා ගන්නා පුරවැසියන් බිහිවනු ඇතැයි මා අපේක්ෂා කරමි.
asa
Tuesday, May 26, 2009
නැණසල තානාපතිවරුන්ගේ ප්‍රථම හමුව 2009
ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති නැණසල ව්‍යාපෘතිය තවත් ශක්තිමත් කරණු පිණිස, ICTA of Sri Lanka විසින් නැණසල ජාලය තුලින්ම හදුන්ගත්, දක්ෂ/ ක්ෂ්ත්‍රයේ නිපුණතවය ඇති නැණසල හිමිකරුවන් පිරිසකගෙන් සමන්විත වු නැණසල තනාපතිවරුන් බිහි කරන ලදි.
මොවුන්ගෙන් නැණසල ව්‍යාපෘතිය සදහා ලබා දියු යුතු දායකත්වය වනුයේ, දැනට දියුණු මට්ටමක නොමැති නැණසල ආයතන ලෙස හදුනා ගත් නැණසල ඉතා ඉක්මනින් නගා සිටුවීමට අවශ්‍ය සහය/ දැනුම/ අත්දැකීම් ලබා දීමත් නිරන්තරව ඔවුනගේ ප්‍රගතිය පිළිබදව ICTA ආයතනය දැනුවති කරීමත්ය. මෙමගින් දැනට අක්‍රීය තත්වයේ ඇති නැණසල ආයතන, රටේ සංවර්ධනයට දායක කරගැනීමට හැකි සම්පත් මධ්‍යස්ථාන බවට පත් කරගැනීම මෙම තානාපති වරුන්ගේ කාර්යභාරය වනු ඇත.
මොවුන්ගෙන් නැණසල ව්‍යාපෘතිය සදහා ලබා දියු යුතු දායකත්වය වනුයේ, දැනට දියුණු මට්ටමක නොමැති නැණසල ආයතන ලෙස හදුනා ගත් නැණසල ඉතා ඉක්මනින් නගා සිටුවීමට අවශ්‍ය සහය/ දැනුම/ අත්දැකීම් ලබා දීමත් නිරන්තරව ඔවුනගේ ප්‍රගතිය පිළිබදව ICTA ආයතනය දැනුවති කරීමත්ය. මෙමගින් දැනට අක්‍රීය තත්වයේ ඇති නැණසල ආයතන, රටේ සංවර්ධනයට දායක කරගැනීමට හැකි සම්පත් මධ්‍යස්ථාන බවට පත් කරගැනීම මෙම තානාපති වරුන්ගේ කාර්යභාරය වනු ඇත.
Saturday, December 20, 2008
ටෙලි ගම්මානයක් තිස්සමහාරාමයේදී ඉදි වේ
2008 සැප්තැම්බර් මාසයේදී තිස්සමහාරාම, රනමිහ්තැන්න ප්‍රදේශයේදී ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ දියුණුව උදෙසා නව ටෙලි ගම්මානයක් සදහා මුල්ගල් තැබිණ. මෙහිදී ටෙලි නාට්‍ය, චිත්‍රපට ඇතුළු විවධ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි, නවීණ පහසුකම් වලින් යුතු ටෙලි ගම්මානයක් පරිදි වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වේ. මෙහි ඉදිකරීම් කටයුතු 2010 වන විට අවසන් කල ඇකි බව මුල් ගල් තැබීමේ උළෙළ ඇමතු, උළෙලේ ප්‍රධාන අමුත්තාවු වරාය/ සිවිල් ගුවන් සේවා/ ජල කළමණාකරණ අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතු පැවසූහ. මෙම අවස්ථාව සදහා දේශිය කලාකරුවන් බොහේ පිරිසක් සහභාගී වුහ.
Monday, December 1, 2008
Monday, November 10, 2008
Subscribe to:
Posts (Atom)



